• ලියාපදිංචි වීම

  • username සහ password තෝරාගන්නේ කෙසේද?

    Username එකක් තෝරාගැනීමේදී මෙම කරුණු ගැන සැලකිලිමත් විය යුතුය. අනන්‍ය විය යුතුය.(වෙනත් කෙනෙක් භාවිතා නොකරන). සිම්පල් අකුරු හා ඉලක්කම් භාවිතා කළ හැකිය. @, _, - සලකුණු භාවිතා කළ හැකිය.

    Password එකක් තෝරාගැනීමේදී මෙම කරුණු ගැන සැලකිලිමත් විය යුතුය. මුරපදයේ අවම වශයෙන් අක්ෂර 8 ක් තිබිය යුතුය, අවම වශයෙන් ඉලක්කම් 1 ක්, අවම වශයෙන් සිම්පල් අකුරු 1 ක්, අවම වශයෙන් කැපිටල් අකුරු 1 ක්, අවම වශයෙන් අක්ෂර සංඛ්‍යා නොවන අක්‍ෂර 1 ක් තිබිය යුතුය. *, -, හෝ # උ.දා: Password@123

    ලියාපදිංචි වීමට අදාල Video එක නැරඹීමට මෙතන Click කරන්න.

  • Confirmation Email පණිවිඩය නොපෙන්වන්නේ ඇයි?

    ඔබට Email පණිවිඩය පෙන්නන්නේ නැත්නම් ඔබගේ Email ලිපිනයට අදාල Spam Folder එක Check කරලා බලන්න.

  • වෙබ් අඩවියේ සඳහන් කල ලිපිනය සහ දුරකතන අංකය වැදගත්වන්නේ ඇයි?

    ඔබගේ ලිපිනය හා දුරකතන අංකය නිවැරදි ලෙස සටහන්කර තිබිය යුතුය. එය නිබන්ධන හා ප්‍රශ්න පත්‍ර courier කිරීමේදී ඉතා වැදගත් වේ. නිබන්ධ හා ප්‍රශ්න පත්‍ර ලබාගැනීමට පෙර ඔබගේ ලිපිනය හා දුරකතන අංකය නිවැරදි බව පරික්ෂාකර බලන්න.

  • පාඩම් නැරඹීම

  • පාඩම් අධ්‍යනය කිරීම සඳහා උපාංගයක් තෝරාගන්නේ කෙසේද?

    ඔබ ජංගම දුරකතනයක් භාවිතා කරනවානම් මෙහෙයුම් පද්ධතිය (Operating System) Android 5(Lollipop) සහ ඊට පසු පැමිණි සංස්කරණයක් (version එකක්) හෝ පරිගණකයක් භාවිතා කරනවානම් එහි මෙහෙයුම් පද්ධතිය (Windows 7) හෝ ඊට පසු පැමිණි සංස්කරණයක් (Windows 10) විය යුතුය.

  • ඇපල් සමාගමේ නිශ්පාදන වන iPhone, iPad, iMAC සමග භාවිතා කිරීමට හැකියාවක් තිබේද?

    නුදුරේදී ඇපල් සමාගමේ නිශ්පාදන වන iPhone, iPad, iMAC සමග භාවිතා කිරීමට පහසුකම් ලබා දෙනු ලැබේ. දැනටමත් සංවර්ධනය කරමින් පවතී.

  • වෙබ් අඩවියට ඇතුලත්වීම සඳහා අත්‍යවශ්‍ය මaදුකාංග (Software) මොනවාද?

    වෙබ් අඩවිය සමග සම්බන්ධ වීමට වෙබ් බ්‍රවුසරයක් භාවිතා කළ යුතුය. ඒ සඳහා (Google Chrome/Firefox/Microsoft Edge/Opera) වෙබ් බ්‍රවුසර භාවිතා කිරීම වඩාත් සුදුසු වේ.

  • පාඩම් නැරඹීම සඳහා අවශ්‍ය මaදුකාංග (Software) මොනවාද?

    මේ සඳහා Sipsuru Media Player නම් මaදුකාංගය ස්ථාපනය (Install) කරගත යුතුය. පරිඝණකය සහ ජංගම දුරකතන සඳහා වෙන වෙනම ස්ථාපනය කරගත යුතුය. පරිඝණකයේ ස්ථාපනය කිරීම සඳහා අදාල Video එක නැරඹීමට මෙතන Click කරන්න. ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයේ ස්ථාපනය කිරීම සඳහා අදාල Video එක නැරඹීමට මෙතන Click කරන්න.

  • පාඩම් නැරඹීම සඳහා ලැබෙන කාලය කොපමනද?

    මාස දෙකක පමණ කාලයක් සියලුම වීඩියෝ පවතින අතර එක විඩියෝවක් නැරඹිය හැක්කේ පැය 10 කි.පැය 10 අවසන් වු පසු නැවත නැරඹිය නොහැක.

  • පාඩම් නැරඹීමට යාමේදී One lesson per device / Device Validation Error යනුවෙන් පෙන්වන්නේ ඇයි?

    ඔබ මුලින්ම පාඩමක් නැරඹීමට ආරම්භකරන උපාංගයෙන් පමණක් ඔබට එම පාඩම නැරඹිය හැකිය.(පාඩමක් නැරඹිය හැකිවන්නේ එක් උපාංගයකින් පමණි). සෑම අලුත් පාඩමක්ම අලුත් උපාංගයකින් නැරඹීම ආරම්භ කල හැකිය නමුත් අදාල පාඩම් සියල්ලම නැරැඹීමට එක් උපකරණයක් භාවිතා කිරීම වඩාත් සුදුසුය.

    මෙම ගැටලුව නිරාකරනය කරගැනීම සඳහා +94 74 016 7200 අමතා Option 3: Technical assistance(තාක්ෂණික සහාය) යටතේ සහය ලබාගන්න.

  • Windows මෙහෙයුම් පද්ධතියෙන් video නැරඹීමේදී නිසියාකාරව video එක play නොවෙන්නේ ඇයි?

    Sipsuru Media Player සඳහා .Net Framework 4.8 Runtime සංස්කරණය අවශ්‍යවේ. ඔබ භාවිතා කරනුයේ windows 7 හෝ 8 මෙහෙයුම් පද්ධතියක් නම් .Net Framework 4.8 Runtime සංස්කරණය ස්ථාපනය කරගත යුතුය. බාගත කරගැනීම සඳහා මෙතන Click කරන්න. පරිඝණකයට ස්ථාපනය කර පසුව Restart කරන්න. දැන් video එක Sipsuru Media Player මගින් open කරන්න.

  • ජංගම දුරකථනයෙන් video නැරඹීමේදී නිසියාකාරව video එක play නොවෙන්නේ ඇයි?

    ජංගම දුරකථනයෙන් video නැරඹීමේදී එහි මෙහෙයුම් පද්ධතිය ඇන්ඩ්‍රොයිඩ් 5(Lollipop) හෝ ඊටපසු පැමිණි සංස්කරණයක් (version එකක්) විය යුතුය. Android System WebView යෙදුම දුරකථනයේ ස්ථාපනයකර තිබිය යුතුය. ඒ සඳහා මෙතන Click කරන්න. Install හෝ Update click කරන්න. දැන් video එක Sipsuru Media Player මගින් open කරන්න.

  • වෙබ් අඩවියේ පලවන අදාල පාඩම් සඳහා කාල සටහන දැනගන්නේ කෙසේද?

    වෙබ් අඩවියේ පලවන පාඩම් සඳහා අදාල දිනය හා වේලාව දැනගැනීමට වෙබ් අඩවියේ Newsreel වෙත යන්න. ඒ සඳහා මෙතන Click කරන්න.

  • පාඩමට අදාලව ඔබට මතුවන ගැටලු නිරාකරනය කරගන්නේ කෙසේද?

    පාඩමට අදාල video එක පහලින් ඇති සබැඳියාව(link) එක click කර එන Google Form මගින් ගැටලුව යොමුකල හැක. ඉදිරියේදී පැමිණෙන video පාඩම් හරහා ඒ සඳහා පිළිතුරු ලබාදීම සිදුකරනු ලැබේ.

  • Video එක Load වෙවී තියෙනවා Play නොවෙන්නේ ඇයි?

    අයහපත් කාලගුණික තත්ත්වය සහ අධික අන්තර්ජාල පරිභෝජනය හේතුවෙන් සමහර අන්තර්ජාල සබදතා (Internet Connection) ඔස්සේ පාඩම් නරඹන සිසුන් හට, sipsuru.com වෙබ් අඩවිය ඔස්සේ පාඩම් නැරඹීමේදී අපහසුතා ඇති විය හැක. එවැනි අවස්ථාවන් වලදී පහත පියවර අනුගමනය කරන්න...

    01. ඔබ නරබන පාඩමට අදාල වීඩියෝවේ විභාජන තත්ත්වය (Resolution Quality) 360p ලෙස මාරු කරන්න. ඉන්පසුවත් වීඩියෝව නැරඹීමට නොහැකි නම්,

    02. පහත ලබා දී ඇති සබැඳිය (Link) භාවිතා කර ඔබගේ අන්තර්ජාල සබදතාවේ (Internet Connection) වේගය පරීක්ෂා කරන්න. එහිදී ඔබගේ අන්තර්ජාල සබදතාවේ වේගය අවම වශයෙන් =>2mbps සහ ස්ථායි මට්ටම තිබිය යුතුය. වේගය ඊට අඩුනම් වෙනත් අවස්ථාවක නැවත උත්සාහ කරන්න. Speed Meeter : https://www.speedcheck.org/ (අන්තර්ජාල ස්ථායිතාව 10% ට වඩා වැඩි විම සුදුසුයි)

    03. අන්තර්ජාල සේවා සපයන්නන් විසින් සමාජ මාධ්‍ය ජාල (Youtube,Facebook,etc) සදහා, සීමා රහිත අන්තර්ජාල තාක්ෂණය ලබා දී ඇති නමුත් අනෙකුත් අන්තර්ජාල සේවා සමග කටයුතු කිරීමේදී මන්දගාමී ස්වභාවයක් අත්විඳීමට සිදුවේ.

    04. අපගේ වෙබ් අඩවිය තුල පවතින විඩියෝ සියල්ල copyright protection තාක්ෂණය හරහා ලබාදෙන බැවින් සාමාන්‍ය වෙබ් අඩවි වලට සාපේක්ෂව හොද Bandwidth එකක් ඇති අන්තර්ජාල සබදතවක් අවශ්‍ය කරන බවත් කාරුණිකව මතක් කර සිටිමු...

  • ගෙවීම් සිදුකිරීම

  • Credit/Debit Card මගින් ගෙවීම් සිදුකරන්නේ කෙසේද?

    Credit/Debit Card මගින් ගෙවීම් සිදුකිරීමට අදාලව video එක නැරඹීමට මෙතන Click කරන්න. Credit/Debit Card ගෙවීම් සඳහා විකල්ප අවස්ථාවක් ලෙස Sampath Bank Gateway භාවිතා කළ හැක.

    ගෙවීම් සඳහා අදාල ගැටලු නිරාකරනය කරගැනීම සඳහා +94 74 016 7200 අමතා Option 2: payments inquiries(ගෙවීම් විමසීම්) යටතේ සහය ලබාගන්න.

  • සමහර අවස්ථා වලදී Credit/Debit Card මගින් ගෙවීමට නොහැකි වේ. එවිට ගෙවීම් සිදුකරන්නේ කෙසේද?

    එවිට ඔබගේ කාඩ්පත හිමි බැංකුව දැනුවත් කල යුතුය. වෙනත් ක්‍රමයකට ගෙවීම උත්සහ කල යුතුය. ඒ සඳහා Sampath Bank Gateway හෝ බැංකු තැම්පතු(Bank Transfer) භාවිතා කරන්න.

    ගෙවීම් සඳහා අදාල ගැටලු නිරාකරනය කරගැනීම සඳහා +94 74 016 7200 අමතා Option 2: payments inquiries(ගෙවීම් විමසීම්) යටතේ සහය ලබාගන්න.

  • Bank Deposit/Transfer (බැංකු තැන්පතු) මගින් ගෙවීම් සිදුකරන්නේ කෙසේද?

    Bank Deposit/Transfer (බැංකු තැන්පතු) මගින් ගෙවීම් සිදුකිරීමට අදාලව video එක නැරඹීමට මෙතන Click කරන්න. එහිදි ඔබ ගෙවීම් සිදුකළ වහාම Enrol me බොත්තම ක්ලික් කරන්න කටයුතු කරන්න. මෙම කටයුතු පෙ.ව 9.00 - ප.ව 3.30 කාලය අතර සිදුකිරීමට කාරුණිකවන්න. තවද සිප්සුරු අංකය නිවැරදි ලෙස සටහන් කරන්න. එමගින් ඔබට vedio නැරඹීමට ඇතිවන ප්‍රමාද දෝශය මගහරවා ගතහැක.

    අප ඔබේ ගනුදෙනු පැය 24 ක් තුළ බැංකුව සමග පරික්ෂා කර පාඩමට ඇතුළත් වීමට අවසර ලබා දෙන්නෙමු. පැය 24 කට පසුවත් ඔබට පාඨමාලාවට සම්බන්ධ විය නොහැකි නම්, ඔබගේ රිසිට්පතෙහි ඡායාරූපයක් සහ ඔබේ සිප්සුරු අංකය 070 227 3048 යන අංකයට whatsapp හරහා යොමු කරන්න.

  • Transaction reference කියන්නෙ මොකක්ද ?

    Transaction Reference සඳහා සිප්සුරු අංකය ඇතුළත් කරන්න. සිප්සුරු අංකය දැනගැනීමට වීඩියෝ එක බලන්න මෙතන Click කරන්න.

  • Enroll me බොත්තම click කල යුත්තේ ඇයි/කල යුත්තේ කෙසේද?

    Bank Deposit/Transfer (බැංකු තැන්පතු) මගින් ගෙවීම් කල පසු පාඩමට ඇතුළත් වීමට ඉල්ලීමට Enrol me බොත්තම ක්ලික් කරන්න. Transaction Reference සඳහා සිප්සුරු අංකය ඇතුළත් කරන්න.

  • මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය කුමක්ද?

    මිලදී ගැනීමේදී භාවිතා කරන ගෙවීම් ක්‍රමය මත පදනම්ව අපගේ මුදල් ආපසු ගෙවනු ලැබේ. ඔබගේ මුදල් ආපසු ගෙවීමේ ඉල්ලීම වහාම ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, එය ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ / බැංකු ප්‍රකාශයේ ප්‍රදර්ශනය කිරීමට ව්‍යාපාරික දින 7-21 ක් ගතවනු ඇත. තවද ආපසු ගෙවීමේ ගාස්තු(Refund fee) සඳහා රුපියල් 100/= අමතර ගාස්තුවක් බැංකුව විසින් ඔබගෙන් අය කරගනු ලැබේ. වැඩිදුර විස්තර සඳහා Terms of Service පිවිසීමට මෙතන Click කරන්න.

Close