සිප්සුරු සදහා උපාංගයක්(Device)  සහ Web Browser  තෝරා ගැනීම

  1. ඔබ සෑමවිටම වෙබ් අඩවිය සමග සම්බන්ද වීමට Chrome Browser භාවිතා කරන්න.
  2. ඔබට පාඩම් අධ්‍යනය  පහසු උපාංගයක් (Device) මුලින් තෝරා  ගන්න.
  3. මෙම උපාංගය   Android 5(Lollipop) සහ ඊට පසු පැමිණි සංස්කරණයක් (version)හෝ Windows 7 Desktop සහ ඊට පසු පැමිණි සංස්කරණයක් විය යුතුය. 
  4. නුදුරේදී IOS, MAC  සමග භාවිතා කිරීමට පහසුව ලබා දෙනු ලැබේ.
  5. ඔබ මුලින්ම පාඩමක් නැරඹීමට ආරම්බ කරන උපාංගයෙන් පමණක් එම පාඩම නරඹා අවසන් කල යුතුය.  සෑම නව පාඩමක්ම නව උපාංගයකින් නැරඹීම ආරම්බ කල හැකිය  
  6. මෙමගින් ඔබගේ දත්ත ආරක්ෂා කිරීමටත් video නැරබීමේදී සිදූවන තාක්ෂණික අපහසුතා මග හරවා ගැනීමටත් අප බලාපොරොත්තු වෙමු . 

 

සිප්සුරු පාඩම් මිලදී ගැනීම

  1. පාඩමක් මිලදී ගැනීමට පෙර  Free Course භාවිතා කර ඔබගේ උපාංගයේ  අනුකූලතාව(Compatibility) පරික්ශා  කරගන්න 
  2. සියලුම පාඩම් Vidoes සහ Tutorials ලෙස ලබා දෙනු ඇත 
  3. පාඩම් මිලදී ගැනීම  මාසිකව සිදු කල හැක   
  4. සියලුම පාඩම් සදහා කාලසටහන , Telegram ජාලය නිරතුරුව පරික්ෂා  කරන්න
  5. සතියකට වරක් ගුරුවරයා විසින්  දෙනු ලබන කල සීමාවකදී පාඩම් සමග සම්බන්ධ විය හැක 
  6. පාඩම් නැරබීමට පෙර දිනයේදී සිට දැනුවත් කිරීම සිදුකරනා බැවින් කිසිම පාඩමක් අත පසු  නොකරන්න
  7. අතපසු වූ පාඩම් නැවත ලබාගැනීම සදහා යන මුදලත් කාලයත් ඉතිරි  කරගැනීමට ඔබ වග බලාගන්න  

මාසික ගෙවීම්

 ඔබට එකවර මාසික ගෙවීම් කල හැක 

පළමු සතියේ Video නැරබීමට පෙර මාසික ගෙවීම සිදු කර ගැනීමෙන් සති 4ට එකවර පිවිසිය  හැක 

 

මිලදී ගැනීමේ ක්‍රම 

  1. සිප්සුරු පාඩම් විවිධ ක්‍රම  වලින් ඔබට මිලදී ගත හැක
    • VISA/MASTER CARD
    • බැංකු තැන්පතු (Bank Deposits/Transfers)
    • Ezcash
  2. Online/Ezcash ගෙවීම් සිදුකල පසු ඔබගේ ගෙවීම සාර්ථක වී  ඇතිනම් ඔබ සිපුසුරු සමග ලියාපදිංචි වීමට භාවිත කල Email ගිණුමට ගෙවීම් තහවුරු කිරීමේ පණිවුඩයක් ( Payment confirmation email) යවනු ලැබේ
  3. සෑම ස්වයංකීය නොවන බඳවා ගැනීමක්ම පැය 24ක් ඇතුළත පරික්ෂා  කර බලා ඔබට පාඩම් සදහා අවසර ලබා දෙනු ඇත . ඒ සමගම බඳවා ගැනීම තහවුරු  කිරීමේ  පණිවිඩයක් ඔබගේ email ගිණුමට  එවනු ලැබේ
  4. සියලුම ගෙවීම් පාඩම් ආරම්භ කිරීමට දින 2කට පෙර සිදු කල යුතු බව කරුණාවෙන් සලකන්න
  5. පාඩම් පවත්වන දිනයන්හිදී දහවල් 3 න් පසු කිසිම ස්වයංකීය නොවන ගෙවීමක් බාර නොගන්න බව කාරුණිකව දැනුම් දෙමි.

 

අපගේ මුදල් ආපසු ගෙවීමේ ප්‍රතිපත්තිය

 

මිලදී ගැනීමේදී භාවිතා කරන ගෙවීම් ක්‍රමය මත පදනම්ව අපගේ මුදල් ආපසු ගෙවනු ලැබේ. ඔබගේ මුදල් ආපසු ගෙවීමේ ඉල්ලීම වහාම ක්‍රියාත්මක වේ. කෙසේ වෙතත්, එය ඔබගේ ක්‍රෙඩිට් කාඩ්පතේ / බැංකු ප්‍රකාශයේ ප්‍රදර්ශනය කිරීමට ව්‍යාපාරික දින 7-10 ක් ගතවනු ඇත.

පහත සඳහන් අවස්ථා වලදී අපගේ මුදල් ආපසු ලබා දීමේ ප්‍රතිපත්තිය අවලංගු වන බව කරුණාවෙන් සලකන්න

  1. පාඩම ලබා ගත හැකි කාල සීමාව තුළ සහභාගිවන්නා අපගේ වෙබ් අඩවියෙන් කිසියම් විද්‍යුත් ඉගෙනුම් පාඩම් අන්තර්ගතයක් වෙත එකවරක් හෝ ප්‍රවේශ වී තිබේ නම්
  2. අන්තර්ගතය ලබා ගත හැකි කාල සීමාව තුළ සිප්සුරු පාඩමට සම්බන්ධ වීමට භාවිතා කරන ඔබගේ උපාංග, මෙහෙයුම් පද්ධති, ජාල හෝ බල සම්බන්ධතා සමඟ කිසියම් ගැටළුවක් ඇත්නම්
  3. පාඩම ලබා ගත හැකි කාල සීමාව ඉකුත්වී ඇත්නම්
  4. පාඩම මිලදී ගැනීමෙන් දින 7 කින් පසු මුදල් ආපසු ගෙවීම් ඉල්ලා සිටී නම්

 

Reproduction and distribution of the video without written permission of the owner is prohibited.

"These materials may be used only for Educational Purposes. They include extracts of copyright works copied under copyright licenses. You may not reproduction or distribute any part of these learning materials to any other person. You may not download or make a further copy for any other purpose. Failure to comply with the terms of this warning may expose you to legal action for copyright infringement and/or disciplinary action by the Institute.

 

අයිතිකරුගේ ලිඛිත අවසරයකින් තොරව ඉගෙනුම් සම්පත් ප්‍රතිනිෂ්පාදනය හා බෙදා හැරීම තහනම්ය.

"මෙම ද්‍රව්‍ය අධ්‍යාපනික අරමුණු සඳහා පමණක් භාවිතා කළ හැකිය. ඒවාට ප්‍රකාශන හිමිකම් බලපත්‍ර යටතේ පිටපත් කරන ලද ප්‍රකාශන හිමිකම් කෘතිවල උපුටා ගැනීම් ඇතුළත් වේ. මෙම ඉගෙනුම් සම්පත්වල කිසිදු කොටසක් වෙනත් පුද්ගලයෙකුට ප්‍රතිනිෂ්පාදනය කිරීම හෝ බෙදා හැරීම නොකළ හැකිය. ඔබ වෙනත් කිසිදු කටයුත්තක් සඳහා බාගත කිරීම හෝ වැඩිදුර පිටපතක් සෑදීම නොකළ හැකිය.මෙම අනතුරු ඇඟවීමේ නියමයන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වීමෙන් ප්‍රකාශන හිමිකම් උල්ලංගනය කිරීම් සහ / හෝ විනය ක්‍රියාමාර්ග සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප ආයතනයට ඔබව නිරාවරණය කළ හැකිය. "

 

බදවාගැනීම් සහ ගෙවීම් ක්‍රම සදහා වැඩි දුර තොරතුරු සදහා Sipsuru Youtube channel නරබන්න .වෙනත් ගැටළු අතොත් අපගේ කාර්‍ය මණ්ඩලය අමතන්න


ඉහත සියලු කරුණු මා අවබෝධ කරගත්තෙමි 

(I understand and agree to above terms and conditions)